- Your shopping cart is empty!
කියවන්න ආසයි පොත් පෙළ (පොත් 12ක එකතුවකි)
Ex Tax: Rs.1,200.00
කියවන්න ආසයි පොත් පෙළ - වී. වී. පත්මසීලී
පළමු සහ දෙවන ශ්‍රේණිවල දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පිල්ලම් නැති වචනවල සිට පියවරෙන් පියවර සියලුම පිල්ලම දැන හඳුනාගැනීම සඳහා ‘කියවන්න ආසයි’ පොත් පෙළ ප්‍රකාශයට පත් කර ඇත.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කර ඇති සිංහල අකුරු මුද්‍රණය කරන ලද ලංකාවේ පළමු පොත් පෙළ මෙය වේ.
පළමු හා දෙවන ශ්‍රේණිය සඳහා වූ සියලු අමතර කියවීම් පොත්වල පිල්ලම් අන්තර්ගත ය. මේ නිසා දෙමාපියන් හෝ ගුරුභවතුන්ගේ සහයෝගයකින් තොරව දරුවාට කියවීමට තිබෙන ඉඩකඩ අඩුය. නමුත් මෙම පොත් පෙළ පිල්ලම් නැතිවචනවල සිට පිල්ලමෙන් පිල්ලම ඉදිරිපත් කර ඇති හෙයින් දරුවාගේ පොත් කියවීමේ පුරුද්ද ගොඩනැගීම සඳහා විශාල පිටිවහලක් ලබා දෙයි.
1 පොත - පිල්ලම් නැති වචන
2 පොත - ඇලපිල්ල
3 පොත - හල් කිරීම
4 පොත - කෙටි ඉස්පිල්ල
5 පොත - දික් ඉස්පිල්ල
6 පොත - කෙටි පාපිල්ල
7 පොත - දික් පාපිල්ල
8 පොත - කෙටි ඇදපිල්ල
9 පොත - දික් ඇදපිල්ල
10 පොත - කොම්බුව
11 පොත - කොම්බුව සහිත ඇලපිල්ල
12 පොත - කොම්බුව, ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ